රුවන්වැල්ල ප්‍රාදේශීය සභාව තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත ක්‍රියාත්මක කිරීම

දිනෙන් දින සංකීර්ණ හා වෙනස් වන ජන සමාජය තුල තොරතුරු දැන ගැනීමකින් තොරව පුද්ගලයෙකුට කටයුතු කිරීම අතිශයින් දුශ්කරය. අපේ ජන ජිවීතයට එදිනෙදා බලපාන අධ්‍යාපනය. ප්‍රවාහනය, සෞඛ්‍ය සේවා, වෙළඳ කටයුතු, මිල ගණන් හා වේතන මෙන් ම සමාජය තුළ පවත්නා නිතී රිති ක්‍රමවේද සියල්ලම අද හසුරවනු ලබන්නේ විවිධ සංවිධාන විසිනි. ඒවා රජයේ ආයතන, පෞද්ගලික ව්‍යාපාර සිවිල් සංවිධාන විය හැකිය. ඒවායෙහි කෙරෙන කටයුතු පිළිබඳ නොදැන මිනිසෙකුට මෙම සමාජය තුළ තම වුවමනා හා අපේක්ෂාවන් ඉටුකර ගැනීම ද, දෛනික ජීවිතයේ තීරණ ගැනීම ද කළ නොහැක. මේ නිසා තොරතුරු දැන ගැනීමේ අයිතිය ලෝකය පුරා මූලික මිනිස් අයිතිවාසිකමක් ලෙස පිළිගනු ලබයි.

මෙම අයිතිය මැනවින් ආරක්ෂා කිරීම සඳහා මූලික අවශ්‍යතා තුනක් පිළිබඳව සැලකිලිමත් වේ.
1. තොරතුරු සඳහා ඇති ප්‍රවේශය
පුරවැසියා තොරතුරු ඉල්ලා සිටිනුයේ කුමන ආකාරයෙන් ද යන්න තොරතුරු නිලධාරියා පැහැදිලිව ම වටහා ගැනේ. පුරවැසියා අයදුම්පතකින්, ලිපියක් මඟින්, විද්‍යුත් තැපෑලෙන් හෝ වාචිකව කරන ලද ඉල්ලීම සුපරික්ෂාකාරීව සලකා බලා පුරවැසියාට තොරතුරු අවශ්‍ය ආකාරය නිශ්චය කොට ගෙන එය ලබා දෙනු ලැබේ.

2. තොරතුරු ප්‍රසිද්ධ කිරීම සඳහා රාජ්‍යමය ආයතනවල ඇති වගකීම
ජනතාවට වැදගත්වන සියලු තොරතුරු ජනතාවට ලබාගත හැකි පහසු මාධ්‍යයන්ගෙන් ජනතාවය ලබාදීමට රාජ්‍ය ආයතනවලට වගකීමක් තිබිය යුතුය. ජනතාවට බහුලවම ලබාගත හැකි මාධ්‍යයන්ගෙන් මෙන් ම ජනතාවට තේරුම් යන ලෙස සරල ලෙස එම තොරතුරු ලබා දීම රජයේ වගකීමයි.

3. තොරතුරු ඉදිරිපත් කිරීමට ඇති වගකීම
යම් යම් පුද්ගලයන්ට අදාල වන තොරතුරු ඉල්ලා සිටි විට එම තොරතුරු ලබා දීමට ඇති බැදීම මෙයින් අදහස් වේ. රාජ්‍ය සේවා වැනි සීමාවන්ට යටත්ව තොරතුරු රාජ්‍ය ආයතන වලින් ඉල්ලා සිටීමේ අයිතියක් ජනතාවට තිබිය යුතුය.

තොරතුරු ලබා ගැනීම සඳහා කල යුතු දේ.

01. (RTI 01) තොරතුරු ලබා ගැනීමේ අයදුම්පත්‍රයෙහි ඔබට අවශ්‍ය තොරතුරු පැහැදිලිව සඳහන් කරමින් ලිපියක් හෝ විද්‍යුත් තැපැල් පණිවිඩයක් මඟින් තොරතුරු නිලදාරියා වෙත ඉදිරිපත් කළ හැක.

(RTI 01) තොරතුරු ලබා ගැනීමේ අයදුම්පත්‍රය මෙතනින් බාගත කරන්න.

තොරතුරු නිලධාරී,
කේ.ඩී.එස්.ආර්. කුමාරි මිය
ප්‍රාදේශීය සභාව,
රුවන්වැල්ල.

දුරකතන අංකය - 036 – 2266275
ෆැක්ස් - 036 – 2266275
ඊ මේල් ලිපිනය - This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

02. තොරතුරු ලබා ගැනීමේ අයදුම්පත්‍රයට අනුව ලැබුණු තොරතුරු සම්බන්ධයෙන් ඔබ සෑහීමකට පත් නොවන්නේ නම්, (RTI 01) අභියාචනා අයදුම්පත්‍රය මඟින් නම් කළ නිලධාරියා වෙත අභියාචනාවක් කළ හැකිය.
(RTI 10) තොරතුරු ලබා ගැනීමේ අයදුම්පත්‍රය මෙතනින් බාගත කරන්න.

නම් කළ නිලධාරී - පී.ආර්. පතිරණ මයා
ප්‍රාදේශීය සභාව,
රුවන්වැල්ල.
දුරකතන අංකය - 036 – 2266275
ෆැක්ස් - 036 – 2266275
ඊ මේල් ලිපිනය - This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

2016 අංක 12 දරණ තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත මෙතනින් බාගත කරන්න.
2016 අංක 12 දරණ තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත පිළිබඳ වූ ගැසට් පත්‍රය මෙතනින් බාගත කරන්න.