රුවන්වැල්ල ප්‍රාදේශීය සභාවේ පෙර පාසල්
ප්‍රාදේශීය සභා පෙර පාසල
රුවන්වැල්ල ප්‍රාදේශීය සභාවට අයත් පෙර පාසල් දෙකකි. එනම්,
1. ප්‍රාදේශීය සභා පෙර පාසල - රුවන්වැල්ල
2. ප්‍රාදේශීය සභා පෙර පාසල - අඟුරුවැල්ල
ප්‍රාදේශීය සභා පෙර පාසල - රුවන්වැල්ල
පෙර පාසල් ඉතිහාසය
1976 වසරේ මොරාවත්ත පන්සලෙන් ආරම්භ කරන ලද රුවන්වැල්ල පෙර පාසල පසුකාලීනව ජුබිලි අම්බලමේ පවත්වන ලදී. එවකට රංජනී අලුතගම ගුරුතුමිය ප්‍රධාන පාලිකාව ලෙස කටයුතු කර ඇති අතර පසුව වර් තමාන ප්‍රාදේශීය සභාව ඇති ස්ථානයේ කලින් සාදන ලද ගොඩනැගිල්ලේ (1995) පෙර පාසල පවත්වා පසුව තාවකාලිකව රුවන්වැල්ල මහජන ක්‍රිඩාංගණයේ ගොඩනැගිල්ලට (2013) පෙර පාසල ගෙන යන ලදී. 2015 වසරේ දැනට පෙර පාසල පවත්වන පැරණි ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ලට රුවන්වැල්ල පෙර පාසල ගෙන එන ලදී. එවකට කෑ/රුව/2597 දරණ අංකය යටතේ සබරගමුව පළාත් අධ්‍යාපන දෙපාර් තමේන්තුව යටතේ ලියාපදිංචි වී පැවතිනි.
වර්තමාන තත්වය
රුවන්වැල්ල ප්‍රාදේශීය ගරු සභාපති දර්ශන වෛද්‍යරත්න මහතාගේ, ගරු ලේකම් පී.ආර්. පතිරණ මහතාගේ, විෂය භාර නිලධාරී අධීක්ෂණය යටතේ ප්‍රධාන පාලිකාව හා සහාය පාලිකාවන් තුන් දෙනෙකු සමඟ SFCEDA/D/RU/2016/0653/2024 දරන ලියාපදිංචි අංකය යටතේ විධිමත්ව පවත්වාගෙන යනු ලැබේ.
ළමුන් බඳවා ගැනීම
රුවන්වැල්ල නගර සීමාවේ සහ ආසන්න ප්‍රමාණයකින් බඳවා ගනු ලැබේ.
ළමුන් සඳහා ක්‍රියාත්මක කරන වැඩසටහන්
• ආරම්භක උත්සවය
• අවුරුදු උත්සවය
• පරිසර චාරිකාව
• ශීල සමාදාන වැඩසහන්
• පහන් කූඩු ප්‍රදර්ශනය
• පෝෂණ වැඩසටහන්
• සෞඛ්‍ය සායනය
• ලෝක ළමා දින සැමරුම
• දන්සල්
• පෙරහැර
• සිඟිති පොළ
• නිර්මාණ ප්‍රදර්ශනය
• වාර්ෂික චාරිකා
•විවිධ ප්‍රසංගය
දරුවන් සඳහා ත්‍යාග සහ සහතිකපත් නොමිලේ ලබා දේ.
ලබා ඇති සම්මාන
2017/2018 පළාත් පාලන ආයතන අතර කාර් ය සාධන කළමනාකරණ තරඟයේ 3 ස්ථානය
ප්‍රාදේශීය සභා පෙර පාසල - අඟුරුවැල්ල
1977 මාර්තු 15 දින හේමපාල දසනායක මහතාට අයත් ‘සන්ධ්‍යා’ ප්‍රජා මණ්ඩලයේ දී ආරම්භ කරන ලදී. සිංහල සහ ඉංග්‍රිසි මාධ්‍යන් වලින් ඉගැන්වීම් සිදු කරයි.
ළමුන් බඳවා ගැනීමේ ක්‍රියා පටිපාටිය
බල ප්‍ර දේශයට අයත් අවුරුදු 03 සහ 04 සම්පූර්ණ දරුවන් 80 ක් පමණ බඳවා ගනු ලැබේ. ළමුන් සඳහා නිල ඇඳුම් දෙමාපියන් විසින් සපයා ගත යුතු වේ.
පෙර පාසලේ ඉතිහාසය
1977 මාර්තු 15 දින හේමපාල දසනායක මහතාට අයත් ‘සන්ධ්‍යා’ ප්‍රජා මණ්ඩලයේ දී ආරම්භ කර පසුව 1995 වර්ෂයේ දී එවකට ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති රාජකරුණා මහතාගේ අධීක්ෂණය යටතේ දැනට පවතින, ප්‍රාදේශීය සභාවට අයත් ඉඩමේ ගොඩනැගිල්ලට රැගෙන එන ලදි. සබරගමුව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව යටතේ කෑ/රුව/2581 යටතේ ලියාපදිංචිය සිදු කර තිබුනි.
වර්තමාන තත්වය
ගරු සභාපති දර්ශන වෛද්‍යරත්න මහතාගේ, ගරු ලේකම් පී.ආර්. පතිරණ මහතාගේ, විෂය භාර නිලධාරී, පෙර පාසල් ප්‍රධාන ගුරුතුමියගේ අධීක්ෂණය යටතේ පෙර පාසල අංග සම්පූර්ණව විධිමත්ව හා ක්‍රමවත්ව පවත්වාගෙන යයි. SECEDA/D/RU/2016/0626 දරන අංකය යටතේ ලියාපදිංචිව පවතී. සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍යන්වලින් ඉගැන්වීම් සිදු කරයි.
ළමුන් සඳහා ක්‍රියාත්මක කරන සේවා
• නිදහස් උත්සව, අවුරුදු උත්සව හා සිඟිති පොළවල් පැවැත්වීම.
• පරිසර චාරිකා වලට සම්බන්ධ කරවීම
• ශීල වැඩසටහන්, සිඟිති ඇසළ පෙරහැර, පන්සල් කැටුව යාම
• ළමා නිර් මාණ ප්‍රදර් ශන පැවැත්වීම
• විවිධ ප්‍රසංග පැවැත්වීම
• සෞඛ්‍ය සායන, පෝෂණ වැඩසටහන්, ආයුර් වේද වැඩසටහන් පැවැත්වීම
• බැංකු මඟින් ඉතිරි කිරීම සම්බන්ධ වැඩසටහන් පැවැත්වීම
• නොමිලේ තෑගී, සහතිකපත් සහ දරුවන්ගේ ඇගයීම් වාර් තා ලබා දීම
• ළමා දින වැඩසටහන් පැවැත්වීම
• නත්තල් වැඩසටහන් පැවැත්වීම
• රාත්‍රී කඳවුරු පැවැත්වීම