රුවන්වැල්ල ප්‍රාදේශීය සභා ඉතිහාසයෙන් බිඳක්
පැරණි ගම් සභා ක්‍රමය යටතේ පාලනය වු මෙගොඩපොත හා එගොඩගොඩපත්තුව වශයෙන් තිබු ගම් සභා කොට්ඨාශ දෙකකින් කොටස් එකතු කර රුවන්වැල්ල ප්‍රාදේශීය උප දිසාපති කොට්ඨාශයට (වර්තමාන රුවන්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය) අනුරූපී වන පරිදි 1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනත යටතේ රුවන්වැල්ල ප්‍රාදේශීය සභාව ප්‍රතිස්ථාපනය කර ඇත. මෙම ප්‍රාදේශීය සභාව සඳහා 1987 වසරේදී නාම යෝජනා කැඳවු නමුත් ප්‍රාදේශීය සභා මැතිවරණයක් නොපැවැත්වු හෙයින් 1991 වර්ෂය දක්වා විශේෂ කොමසාරිස්වරයෙකු යටතේ පාලනය විය. ප්‍රථම වරට 1991 දී පැවැත්වු ප්‍රාදේශීය සභා මැතිවරණය අනුව තේරී පත් වු සභාපතිවරයෙකු හා සභිකයින් මඟින් ද, දෙවන වරට 1997 වසරේ පැවැත්වු ප්‍රාදේශීය සභා මැතිවරණය අනුව තේරී පත්වු සභාපතිවරයෙකු හා සභිකයින් මඟින්ද, තුන්වන වරට 2002 මාර්තු මස පැවැත්වු ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් තේරී පත්වු සභාපතිවරයෙකු ඇතුළු සභිකයින් මඟින්ද සිව් වන වරට, 2006 අප්‍රේල් මස පැවැත්වු මැතිවරණයෙන් තේරී පත්වු සභාපතිවරයෙකු ඇතුළු සභිකයින් මඟින් ද, පස්වන වරට 2011 ජුලි මස පැවැත්වු ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් තේරී පත්වු සභාපතිවරයෙකු ඇතුළු සභිකයින් මඟින් ද, 2015-07-31 වන දින දක්වා මෙම ප්‍රාදේශීය සභාව පාලනය විය. ඉන්පසු 2015-08-01 දින සිට 2018-03-26 වන දින දක්වා කොමසාරිස් පාලනය යටතේ සභා කටයුතු ඉටු කරන ලදී. හයවන වරට 2018 පෙබරවාරි මස පැවැත්වු ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් තේරී පත්වු සභාපතිවරයෙකු ඇතුළු සභිකයින් මඟින් 2023-03-19 දින දක්වා පාලනය විය. 2023-03-20 සිට 2025-06-03 දින දක්වා කොමසාරිස් පාලනය යටතේ පාලනය විය. 2025-05-06 දින පැවති පළාත් පාලන ඡන්දයෙන් පසුව 2025-06-04 දින සිට එම ඡන්දයෙන් පත්වූ ගරු සභාපති දර්ශන වෛද්‍යරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුතුව සම්පූර්ණ මන්ත්‍රී මණ්ඩලය 32ක් වශයෙන් ප්‍රාදේශීය සභාවේ කටයුතු කරයි. උප සභාපති ධූරය හේමජයන්ත ජයවර්ධන මහතා විසින් දරනු ලබන අතර ලේකම්වරයා වශයෙන් රසාංගික පතිරණ මහතා කටයුතු කරයි.
රුවන්වැල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරු
| කාලසීමාව | නම |
| 2006 | ඩී.පී.මයිකල් විජේවීර මහතා |
| 2011 | එල්.එම් සුදත් මංජුල මහතා |
| 2020 | කේ.පී.රත්නපාල පීරිස් මහතා |
| 2021 | එන්.ආර්.එන් .පී නවරත්න මහතා |
| 2022 | එම් .සමන් කුලසූරිය මයතා |
| 2025 | ඩබ්.එච්.එම්.පී.ඩී. වෛද්‍යරත්න මහතා |
රුවන්වැල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු ලේකම්වරු
| කාලසීමාව | නම |
| 2014-12-31 සිට 2017-06-29 දක්වා | ටී.එල්.කේ.ඩී. ලේකම්ගේ මිය |
| 2017-06-30 සිට 2021-10-08 දක්වා | කේ.ජී.හේමමාලා මිය |
| 2021-10-01 සිට 2022-04-22 දක්වා | ආර්.එම්.ඒ රත්නායක මිය |
| 2022-06-01 සිට 2022-08-31 දක්වා | දුමින්ද සී වික්‍රමසිංහ මහතා |
| 2022-09-01 සිට 2024-02-26 දක්වා | පී.ජී.යු ජයවික්‍රම මහතා |
| 2024-02-27 සිට 2024-07-23 දක්වා | එම්.ටී.පි.පි මුදලිගේ මිය |
| 2024-07-23 සිට මේ දක්වා | පී.ආර් පතිරණ මහතා |