රුවන්වැල්ල ප්‍රාදේශීය සභාවේ කර්මාන්ත අංශය
කර්මාන්ත අංශයෙන් ඔබට ලබා ගත හැකි සේවාවන්
ලිඛිතව හෝ අප ආයතනයට පැමිණ දැනුම් දීම හෝ තම මහජන නියෝජිතයින් මාර්ගයෙන් දැනුම් දීම මඟින් ඔබට අපගේ සේවාවන් ලබාගත හැක.
ප්‍රාදේශීය සභා පාරවල්, කාණු, පැති බැමි, පඩි පෙල් යනාදිය සභා අරමුදලින් හා ලැබෙන්නා වු වෙනත් අරමුදල් වලින් ගොඩ නැගීම හා නඩත්තු කිරිම.
මාර්ග සංවර්ධනය කිරීමේ වැඩ පියවර
• මහජන ඉල්ලීම මත පාරවල් තෝරා ගැනීම
• වැඩ අධිකාරි හෝ කාර්මික නිලධාරිගේ නිරීක්ෂණය මත පාරවල් තෝරා ගැනීම.
• සභාපති / ලේකම්ගේ අනුමැතිය මත ඇස්තමේන්තු සකස් කිරීම.
• පළාත් සභාව තුළින් අනුමැතිය ලබා ගැනිම.
• ටෙන්ඩර් කැඳවිය යුතු කර්මාන්ත තෝරා ගැනීම.
• ටෙන්ඩර් කැඳවා කොන්ත්‍රාත්කරුවන් තෝරා ගැනීම.
• ටෙන්ඩර් කර, කොන්ත්‍රාත්කරුවන් ලවා සිදුකර නොගන්නා කර්මාන්ත ප්‍රාදේශීය සභා කම්කරුවන් ලවා සිදු කර වීම.
පරිසර බලපත්‍ර
පරිසර බලපත්‍රයක් නිකුත් කිරීමේදී අනුගමනය කළයුතු පිළිවෙල
1. පාරිසරික ආරක්‍ෂණ බලපත්‍රයක් ලබා ගැනීම සඳහා අයදුම්පත්‍රයක් ප්‍රාදේශීය සභා කාර්යාලයෙන් හෝ වෙබ් අඩවියෙන් හෝ මධ්‍යම පරිසර අධිකාරියෙන් ලබා ගත යුතුය. (නව අයදුම්පතක් හෝ අලුත්කිරීමේ අයදුම්පතක්)
2. එම අයදුම්පත සම්පුර්ණ කර පහත සඳහන් ලියකියවිලි සමඟ ප්‍රාදේශීය සභා කාර්යාලය වෙත භාරදිය යුතුය.
නව බලපත්‍රයක් සඳහා
• ප්‍රාදේශීය සභාවෙන් ලබාගත් අයදුම්පත
• මිනින්දෝරු සැලැස්ම (පිඹුරු හෝ පිඹුරු පිටපත)
• ඔප්පු පිටපත
• කර්මාන්තය පිහිටි ස්ථානය දක්වන මාර්ග සටහන
• ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ සහතිකය (ව්‍යාපාරය ලියාපදිංචි කර ඇත්නම්)
• ප්‍රාදේශීය සභාවෙන් ලබාගත් වෙළඳ බලපත්‍රය හෝ ඒ සඳහා මුදල් ගෙවන ලද කුවිතාන්සිය හෝ අනුමත කර ඇති ගොඩනැගිලි සැලසුමේ පිටපතක් හෝ අනුකූලතා සහතිකය
• පුරාවිද්‍යා සහතිකය (ගල්වලක් නම් පමණි)
• භූවිද්‍යා සමීක්‍ෂණ හා පතල් කැනීම් කාර්යාංශයෙන් ලබාගත් බලපත්‍ර (ගල්වලක් නම් පමණි)
• රජයේ ආයතනයක් මගින් කර්මාන්තයට අදාලව නිකුත් කර ඇති බලයලත් ලියවිල්ලක්
අලුත් කිරීමේ බලපත්‍රයක් සඳහා
• අලුත්කිරීමේදී අදාළ බලපත්‍රය අවලංගු වීමට මාස තුනකට පෙර අලුත්කිරීමේ අයදුම්පත්‍රය සම්පුර්ණ කර භාර දියයුතුය.
3.නව අයදුම්පත සඳහා පමණක් පරීක්‍ෂණ ගාස්තු ගෙවියයුතුය.
4. පරීක්‍ෂණ ගාස්තු ගෙවීමෙන් පසු අදාළ කර්මාන්තය පිහිටි ස්ථානය වෙත ගොස් පරීක්‍ෂා කර බලා පරීක්‍ෂණ වාර්තාවක් පිළියෙල කිරීම.
5. එම පරීක්‍ෂණ වාර්තාව අයදුම්පත්‍රය හා අදාළ ලියකියවිලි ඇතුලත් ගොනුව තාක්‍ෂණික ඇගයිම් කමිටුවේ නිර්දේශය ලබා ගැනීම.
6. නිර්දේශය අනුව බලපත්‍රය ලබා දීමට කටයුතු කිරීම.
අලුතින් කර්මාන්තයක් ආරම්භ කරන විටදී සහ බලපත්‍රය අලුත් කිරීමකදී මූලික ආයෝජනය මත පාදක වූ සංශෝධිත පරීක්ෂණ ගාස්තුව
| මූලික ආයෝජනය (රු) | ක්ෂේත්‍ර පරීක්ෂණ ගාස්තුව (රු) |
| 250,000/- ට අඩු | 3000/-+ රජයේ අනුමත බදු |
| 250,001/- ත් 500,000/- දක්වා | 3750/-+රජයේ අනුමත බදු |
| 500,001/- ත් 1,000,000/- දක්වා | 5000/-+ රජයේ අනුමත බදු |
| 1,000,001/- ට වැඩි | 10,000/-+ රජයේ අනුමත බදු |
පාරිසරික ආරක්ෂණ බලපත්‍ර ගාස්තුව
| බලපත්‍ර ගාස්තුව | රු 4500/- | වසර 3 ක් හෝ ඊට අඩු කාලයක් (වලංගු කාලය) |
• නියමිත දිනට බලපත්‍ර අලුත් කිරීමේදී ක්ෂේත්‍ර පරීක්ෂණ ගාස්තුව අය නොකෙරේ. (බලපත්‍රයේ වලංගු කාලය ඉක්මවීමට පෙර)
• නියමිත දිනට දිනක් හෝ ප්‍රමාද වී අයදුම් කරන විටදී (බලපත්‍රයේ වලංගු කාලය ඉක්මවූ පසු) මූලික අයෝජනය මත පදනම්ව අදාළ පරීක්ෂණ ගාස්තුවෙන් 50% මුදලක් අයකෙර්.
| අයදුම්පත්‍රය | ගාස්තුව( රු) |
| 1. අලුතින්ම පරිසර ආරක්ෂණ බලපත්‍රයක් ලබාගැනීම සඳහා වන අයදුම්පත | 200.00 |
| 2. පරිසර ආරක්ෂණ බලපත්‍රය වසර 3 කට වරක් අලුත් කිරීමේ අයදුම්පත් ගාස්තුව | 150.00 |
ගැසට් පත්‍ර
| විස්තරය | |
| 1980 අංක 47 දරන පාරිසරික පනත | බාගත කරන්න |
| 2022.01.27 අංක 2264/18 ගැසට් පත්‍රය | බාගත කරන්න |