රුවන්වැල්ල ප්‍රාදේශිය සභාවේ ඝන අපද්‍රව්‍ය මධ්‍යස්ථානය
රුවන්වැල්ල ප්‍රාදේශීය සභා බල ප්‍ර දේශයට අයත් ඝණ අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානය ඉදල්පොළ ඉදුරාණවත්ත ප්‍රදේශයේ අක්කර 02 ක භුමි ප්‍රමාණයකින් සමන්විතව 2014-02-06 දින ආරම්භ කරන ලදි. මධ්‍යම පරිසර අධිකාරියේ පිළිසරු ව්‍යාපෘතිය ප්‍රතිපාදන වෙන් කරමින් ඉදල්පොළ ඝණ අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානය හා මළපවාහන මධ්‍යස්ථානය ආරම්භ කර තිබෙයි. අප ප්‍රාදේශීය සභා මුළු බල ප්‍රදේශය වර්ග කිලෝමීටර 147 ක අති විශාල ප්‍රදේශයක් පුරා පැතීරී ඇති අතර, එය වසම් 38 කින් යුක්තය.රුවන්වැල්ල ප්‍රධාන නගරය කරගනිමින්, කරවනැල්ල, අගුරුවැල්ල, කන්නන්තොට, අමිතිරිගල, ගලපිටමඩ, ගෝණගල්දෙණිය යන උප නගර වලින් රුවන්වැල්ල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය සමන්විත වේ.බල ප්‍රදේශයේ ජනගහනය 71324 කට ආසන්න ප්‍රමාණයක් ජීවත් වන අතර, ඉන් කසළ එකතු කරනු ලබන නිවාස ගණන 3533 ක් පමණ වේ.
අප ආයතනය මඟින් බල ප්‍රදේශය ජනතාවට සෞඛ්‍ය හා සනීපාරක්ෂක පහසුකම් සලසා සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ළගාකරදීම උදෙසා විවිධ සේවාවන් රැසක් ක්‍රියාවට නංවන අතර, තවදුරටත් විධිමත්ව වැඩිදියුණු කරමින්ද පවතී.
දැනටත් ප්‍රාදේශීය සභාව විසින් දෛනිකව එක්රැස් කෙරෙන කසළ ප්‍රමාණය ටොන් 03 ½ කි. බල ප්‍රදේශය තුළ දෛනිකව එක්රැස් වන කසළ වලින්,
-ප්ලාස්ටික්/පොලිතින් -ටොන් 01
-වීදුරු - ටොන් ½
-කඩදාසි - ටොන් ½
-ඉදුල් ඇතුළු වෙනත් -ටොන් 01 ½
දෛනික එකතු කරනු ලබන දිරන කසළ ඉදල්පොළ ඝණ අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානයේ පොහොර නිෂ්පාදනය සිදු කරනු ලබයි.කාලයක් තිස්සේ කෙරුණු නිරීක්ෂණ වලින් පැහැදිලි වූයේ කසළ කළමනාකරණය පිළිබඳ බල ප්‍රදේශයේ ජනතාවගේ අවබෝධය අවම වීම හේතුවෙන් විවිධ ගැටලු සහ දුෂ්කරතා පැන නැගී ඇති බවයි.එමෙන්ම දියුණු රටවල මෙන් කසළ බරක් නොව ආදායම් උපයන මාර්ගයක් බවට පත්කර ගැනීම, කසළ හේතුවෙන් තමාට සිදුවන සෞඛ්‍ය සහ ආර්ථික පරිහානිය වැනි කරුණු කෙරෙහි ජනතාව දක්වන ඍනාත්මක ආකල්පය වෙනස් කිරීම මඟින් යම් සාධනීය මට්ටමක් ළගා කර ගත හැකි බව අපගේ විශ්වාසයයි. එහිදී නිශ්චිත බල ප්‍රදේශයේ ජනතාව කෙටිකාලීන හා දිගුකාලීන කාල රාමුවක් යටතේ දැනුවත් කිරීම අත්‍යාවශ්‍යය. මේ තුළින් බල ප්‍රදේශයේ සෞඛ්‍ය හා පරිසර යන දෙඅංශයේම අරමුණු සාක්ෂාත් කර ගැනීමට අපේක්ෂා කරමු.
ඉදල්පොල ඝන අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානයේ වැඩ සැලැස්ම
ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානය - ඉදල්පොල කොම්පෝට් මධ්‍යස්ථානය
පිහිටීම - ඉදල්පොල
කසළ හට්ටි ක්‍රමය - පෙට්ටි ක්‍රමය
සේවක පිරිස - 07
අවසන් කසල නිෂ්පාදනය - කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය සහ නොදිරන කසළ වලින් බේල් කුට්ටි සකසා ඉන්සි ආයතනයට ලබාදීම
| දවස | කාර්යය | වේලාව | සේවය සඳහා යොදවා ඇති කම්කරුවන් | අධීක්ෂණය |
| සදුදා අඟහරුවාදා බදාදා බ්‍රහස්පතින්දා සිකුරාදා සෙනසුරාදා ඉරිදා |
දිරන කසළ හා නොදිරන කසළ වෙන් කිරීම, කසළ හට්ටි ගැසීම, හට්ටිපෙරලීම,(සති 2න් 2 ට පෙරලීම) සති 14 න් කොම්පෝස්ට් පෙහොර හැලීම, කොම්පෝස්ට් අංගනය පවිත්‍රව තබා ගැනීම,නොදිරන කසළ වෙන් කිරීම හා බේල් කුට්ටි සැකසීමට සහායවීම |
පෙ.ව. 8.00 සිට ප.ව 5.00 දක්වා | ඉන්දික අසේල ඩී.පී,සුනිල් විජේසිංහ එච්.ඒ.ධනුෂ්ක සංජීව මහේෂ් චින්තක රොෂාන් කුමාර |
ලේකම්/කොම්පෝස්ට් අංගන භාරකරු/විෂය නිලධාරී/මහජන සේඛ්‍ය පරීක්ෂක |
| අඟහරුවාදා බ්‍රහස්පතින්දා සෙනසුරාදා |
දිරන කසළ හා නොදිරන කසළ වෙන් කිරීම, කසළ හට්ටි ගැසීම, හට්ටිපෙරලීම,(සති 2න් 2 ට පෙරලීම) සති 14 න් කොම්පෝස්ට් පෙහොර හැලීම, කොම්පෝස්ට් අංගනය පවිත්‍රව තබා ගැනීම,නොදිරන කසළ වෙන් කිරීම හා බේල් කුට්ටි සැකසීමට සහායවීම |
පෙ.ව. 8.00 සිට ප.ව 5.00 දක්වා | ඉන්දික අසේල මහේෂ් චින්තක රොෂාන් කුමාර |
ලේකම්/කොම්පෝස්ට් අංගන භාරකරු/විෂය නිලධාරී/මහජන සේඛ්‍ය පරීක්ෂක |
මලාපවහන පිරිපහදු පද්ධතිය
රුවන්වැල්ල ප්‍රාදේශීය සභාව මුලික කර ගනිමින් පලාත් පාලන බල ප්‍රදේශයන්හි ජනනය වන මල අපද්‍රව්‍ය නිසිලෙස කළමනාකරණය කර ගනිමින් මහජන සනීපාරක්ෂාව තහවුරු කර ගැනීම අරමුණු කරගත් මලපවහන පිරිපහදු පද්ධතියක් පවත්වාගෙන යැමද සිදු කෙරෙයි. අප බල ප්‍රෙද්ශයන්හි ජල මුලාශ්‍ර,මතුපිට හා භුගත ජල සම්පත දුෂණය වලක්වා ගැනීම සඳහාත් බල ප්‍ර දේශයෙහි ජනතාව මුහුණදෙන සනීපාරක්ෂක ගැටලු අවම කිරීම සඳහාත් ජල සම්පාදන අමාත්‍යංශය සමඟ එක්ව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙයි.