රුවන්වැල්ල ප්‍රාදේශිය සභාවේ නිදහස් ආයුර්වේදය
රුවන්වැල්ල ප්‍රාදේශීය සභාවට අයත් ඉඹුලාන නිදහස් ආයුර්වේද බෙහෙත් ශාලාව, ප්‍රදේශයේ ජනතාවට නොමිලේ ආයුර්වේද ප්‍රතිකාර ලබාදීම සිදු කරයි. මෙම ආයුර්වේද මධ්‍යස්ථානය සඳහා මසකට රෝගීන් 400 කට අධික පිරිසක් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණේ.
පිහිටීම
අඟුරුවැල්ල බස් නැවතුම අසළ වරකාපොළ මාර්ගයේ 1Km ක් ඉදිරියට පැමිණීමේ දී ඉඹුලාන පන්සල ආසන්නයේ වම් පසින් ඉඹුලාන මහජන පුස්තකාලය වෙත ඇති අතුරු මාර්ගයේ පිහිටා ඇත.
සේවා
• රෝගීන් සඳහා නොමිලේ ප්‍රතිකාර ලබා දීම
• රුවන්වැල්ල බල ප්‍රදේශය තුළ ජංගම සායන පැවැත්වීම තුළින් නොමිලේ ආයුර්වේද ප්‍රතිකාර ලබා දීම.
• ඔසු උයනක් පවත්වාගෙන යාම තුළින් අවශ්‍ය ඖෂධ වර්ග ලබා ගැනීම සහ ඖෂධ වර්ග නොමැති රෝගීන් සඳහා ඖෂධ ලබා දීම.
• රෝගීන් සඳහා පෝෂණ වැඩසටහන් පැවැත්වීම. (කොළ කැඳ, සුප්)
• කාලීන රෝග සඳහා ආයුර්වේද ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන රෝගීන්ට උපදෙස් සේවාවන් සැපයීම.