රුවන්වැල්ල ප්‍රාදේශිය සභාවේ ආදායම් අංශය
ඉලක්කය
බල ප්‍රදේශයේ ජනතාවට උපරිම සේවාවක් ලබා දීම සඳහා වර්ෂයේ ඇස්තමේන්තු කරන ලද ස්වයං උත්පාදිත ආදායම් බාහිර ආයතන වලින් ලැබිය යුතු ආදායම් හා ආදායම් ආධාර සියල්ල හෝ 90% කට වැඩි ප්‍රමාණයකින් එකතු කිරීම
අරමුණු
1. වරිපනම් බදු අය කිරීම
2. තත්සේරු ලේඛනයෙහි නම ඇතුලත් කිරීම
3.බදු ගෙවීම් සීමාවෙහි විදුලි හා ජල බිලෙහි නම සංශෝධනය කිරීම සදහා අදාළ ආයතන වෙත ලබා දීමට නිර්දේශ සහිත ලිපි ලබා දීම
4. ප්‍රාදේශීය සභාව විසින් බදු දෙන ලද කඩ කාමරවලින් කඩ කුලී අය කිරීම
5. ප්‍රචාරක දැන්වීම් පුවරු සදහා මුදල් අය කිරීම
6. වෙළද බල පත්‍ර ගාස්තු අය කිරීම් හා වෙළෙඳ බලපත්‍ර නිකුත් කිරීම
7. කර්මාන්ත හා ව්‍යාපාර සදහා බදු අය කරීම
8. විනෝද බදු අය කිරීම
9. පොදු වෙළෙඳසැළ හා සතිපොල පවත්වාගෙන යාම
වරිපනම් යනු
පළාත් පාලන ආයතන බල ප්‍රදේශයේ ජීවත්වන ජනතාවගේ සෞඛ්‍යය හා සනීපාරක්ෂක,පහසුව සුභ සාධනය සැලසීම වෙනුවෙන් , ඒ බල ප්‍රදේශයේ ඇති එක් එක් දේපළෙහි වාර්ෂික තක්සේරු වටිනාකම් එකතුවෙහි අනුපාතයක් වශයෙන් ඒ එක් වටිනාකම් එකතුවෙහි අනුපාතයක් වශයෙන් ඒ එක් එක් දේපළ මත පනවා අය කරනු ලබන බද්ද වරිපනම් බදු වේ.\
වරිපනම් බදු ජනතාවගෙන් අයකරනු ලබන්නේ,
ප්‍රාදේශීය සභා ආඥා පනතේ 146(1) වගන්තිය අනුව වරිපනම් බදු පනවා අය කිරීමට ලබා දී ඇති බලය අනුව,ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල ජීවත්වන ජනතාවට අවශ්‍ය සේවාවන‍් සැපයීම උදෙසා අරමුදල් සම්පාදනය කර ගැනීම සඳහා වේ.
වරිපනම් ගෙවීමෙන් ජනතාව ලැබෙන වාසි / අවාසි
1. වාර්ෂික වරිපනම් බදු මුදල ඒ වර්ෂයේ ජනවාරි 31 වන දිනට හෝ එදිනට පෙර ගෙවනු ලැබුව හොත් ඒ බදු මුදලින් 10% ක වට්ටමක් ද ,කාර්තු වශයෙන් ගෙවන්නේ නම් අදාළ කාර්තුවේ පළමු මාසය තුළ ගෙවන විට 5% ක වට්ටමක්ද පිරි නැමේ.
3. අයිතිය/ පදිංචිය සනාථ කිරිමට සහතික ලබා දීම.
4. බැංකු මගින් ණය ලබා ගැනිමට අවශ්‍ය නොපවරා ගැනීමේ සහතික හා අනෙකුත් උද්ධෘතයන් හා ලියකියවිලි නිකුත් කිරීම.
වරිපනම් නොගෙවීම නිසා වන අහිතකර බලපෑම්
1. ජනතාවට අවශ්‍ය සේවාවන් සැපයීමට නොහැකි වීම.
2. වරිපනම් නොගෙවන පදිංචිකරුවන්ගේ චංචල හෝ නිශ්චල දේපල තහනමට ගැනීමට සිදුවීම.
3. එසේ තහනමට ගත් දේපළ ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණා සභාවට අයවිය යුතු සියලු වරිපනම් බදු මුදල් හා වරෙන්තු ගාස්තු අයකර ගැනීමට සභාවට හැකිය.
4. ඒ තුළින් නාගරික බල ප්‍රදේශයක් තුල ජීවත් වන අයහපත් බදු නොගෙවන පුද්ගලයෙකු ලෙස අපකීර්තියට පත්වීම.
තත්සේරු ලේඛනයෙහි නම ඇතුලත් කිරීම
තත්සේරු ලේඛනයෙහි නම ඇතුලත් කිරීම යනු,
යම් කිසි දේපළක් මිලදී ගැනීමෙන් පසුව හෝ දේපළක් පැවරීමකදී මෙන්ම නීතියෙන් එකී දේපළ යම් කිසි පුද්ගලයකුට හිමි වුවහොත් හෝ එම දේපළෙහි පෙර සඳහන් නාමය වෙනස් කිරීම මෙම තත්සේරු ලේඛනයෙහි නම ඇතුලත් කිරීම ලෙස හැදින්වේ.
ව්‍යාපාරයන්ගෙන් අයකරනු ලබන ගාස්තු (බදු)
ව්‍යාපාරයක් යනු කුමක්ද?
කිසියම් ලාභයක් ඉපැයීමේ අරමුණින් පවත්වාගෙන යනු ලබන භාණ්ඩ හෝ සේවා හුවමාරු ක්‍රියාවලියක් ව්‍යාපාරයක් වේ.
පළාත් පාලන ආයතනයක් විසින් තම බලසීමාව ඇතුළත පවත්වාගෙන යනු ලබන ව්‍යාපාර පිළිබඳ සමීක්ෂණයකින් පසු එම ව්‍යාපාර කොටස් තුනකට වර්ග කරනු ලැබේ.
1. වෙළඳ බලපත්‍ර ගාස්තුවකට යටත් කරනු ලබන ව්‍යාපාර
2. කර්මාන්ත බද්දකට යටත් කරනු ලබන ව්‍යාපාර / ව්‍යාපාර බද්දට යටත් කරනු ලබන ව්‍යාපාර
1. වෙළඳ බලපත්‍රගාස්තුවකට යටත්කරනු ලබන ව්‍යාපාර
රුවන්වැල්ල ප්‍රාදේශීය සභා සීමාවේ පවත්වාගෙන යනු ලබන ව්‍යාපාරයන් අතුරින් 1987 අංක 15 දරණ ප්‍රාදේශීයසභා ආඥා පනතින් හෝ ඒ යටතේ පනවා ඇති අතුරු ව්‍යවස්ථාවන්ට අනුකූලව කිසියම් ව්‍යාපාරයක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අදාළ වර්ෂයට වෙළඳ බලපත්‍රයක් ලබාගත යුතු වූ විට ඒ සඳහා ලබාගත යුතු බලපත්‍රය වෙළඳ බලපත්‍රය වේ. ඒ සඳහා පළාත් පාලන ආයතනයට ගෙවිය යුතු ගාස්තුව වෙළඳ බලපත්‍ර ගාස්තුව වේ.
වෙළඳ බලපත්‍රයක් ලබා ගත යුත්තේ ඇයි?
• බල සීමාවන් ඇති සියලු ව්‍යාපාරයන් පවත්වාගෙන යාම,පාලනය කිරීම,පරිපාලනය කිරීම,අධීක්ෂණය කිරීම.
• නෛතික අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම සඳහා
• වෙළඳ ව්‍යාපාරය මහජන සෞඛයට හිතකර අයුරින් පවත්වාගෙන යන්නේදැයි තහවුරු කර ගැනීමට වෙළඳ බලපත්‍රය අදාල වර්ෂයට ලබාගෙන තිබිය යුතු ය.
වෙළඳ බලපත්‍රයක් ලබා ගන්නා ආකාරය
• කාර්යාලයෙන් ලබා දෙනු ලබන අයදුම් පත නිවැරදිව සම්පූර්ණ කර බාර දීම
• ආදායම් පරීක්ෂක නිළධාරි, මහජන සෞඛ්‍ය පරීක්ෂක හා සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි නිර්දේෂය ලබා ගැනීම
• සභාපති/ලේකම්ගේ අනුමැතිය මත ගාස්තු අය කර වෙළෙඳ බලපත්‍රය නිකුත් කිරීම
වෙළඳ බලපත්‍රයක් ලබා නොගත් විට
• සාපරාධී හෝ නීතිවිරෝධි ව්‍යාපාරිකයෙකු වේ.
• ප්‍රාෙද්ශීය සභා පනත යටතේ චෝදනා ඉදිරිපත් කිරිම හා එම ව්‍යාපාරය වසා දැමීමට මහේස්ත්‍රාත් අධිකරණය විසින් සමාප්ති අඥාවක් ලබා ගැනීමට කටයුතු කිරිම.
වෙළඳ බලපත්‍රයක් ලබා ගැනීමේ වාසි
• සාපරාධී හෝ නීතිවිරෝධි ව්‍යාපාරිකයෙකු නොවීම.
• ගුණාත්මක හා සෞඛ්‍යාරක්ෂිත බවින් යුතු සේවාවක් පොදු ජනතාවට සපයනු ලබන බවට පිළිගැනීම ඇති වීම.
සැළකිය යුතු වේ.
සෑම වසරකදීම මාර්තු මස 31 වන දිනට ප්‍රථම වෙළඳ බලපත්‍රය ලබා ගත යුතුය.
2.කර්මාන්ත බද්ද සහ ව්‍යාපාරික බද්ද
ව්‍යාපාරික ස්ථාන පිළිබඳව කරනු ලබන සමීක්ෂණයෙන් පසු බලපත්‍රයන්ට යටත්කළ යුතු ස්වභාවයේ ව්‍යාපාරයන් වෙන්කර ඉන් අනතුරුව කර්මාන්ත ස්වභාවයේ ව්‍යාපාරයන් වෙන්කරනු ලැබේ. එසේ වෙන්කිරීමෙන් පසු ඉතිරිවන සියලුම ව්‍යාපාරයන් වාර්ෂික ව්‍යාපාරික බද්දට යටත්කරනු ලැබේ.
කර්මාන්ත බද්ද පැනවීම - 2025
| කර්මාන්තය | රු.750.00 නොඉක්මවන අවස්ථාවක | රු.751.00 ඉක්මවන එහෙත් රු.1500.00 නොඉක්මවන අවස්ථාවක | රු.1501.00 ඉක්මවන අවස්ථාවක |
| කැටයම් කැපීමේ කර්මාන්තය | රු 500.00 | රු 750.00 | රු 1000.00 |
| කොසු, ඉදල්, පාපිසි නිෂ්පාදනය කිරීමේ කර්මාන්තය | රු 500.00 | රු 750.00 | රු 1000.00 |
| යාන්ත්‍රික රෙදි විවීම හා අත් යන්ත්‍ර මඟින් රෙදි විවීමේ කර්මාන්තය | රු 500.00 | රු 750.00 | රු 1000.00 |
| දේශීය අමුද්‍රව්‍ය යොදා ගෙන අත්කම් නිර්මාණ නිෂ්පාදන | රු 500.00 | රු 750.00 | රු 1000.00 |
| රෙදිපිළි පින්තාරු කිරීම | රු 500.00 | රු 750.00 | රු 1000.00 |
| කිතුල් ආශ්‍රිත නිෂ්පාදනය කිරීම | රු 500.00 | රු 750.00 | රු 1000.00 |
| කිතුල් ලී , පොල්කටු ආශ්‍රිත නිෂ්පාදනය | රු 500.00 | රු 750.00 | රු 1000.00 |
| පාවහන් නිපදවීම හා අලුත්වැඩියාව | රු 500.00 | රු 750.00 | රු 1000.00 |
| මැටි භාණ්ඩ නිෂ්පාදනය කිරීම | රු 500.00 | රු 750.00 | රු 1000.00 |
| මෙට්ට නිෂ්පාදනය | රු 500.00 | රු 750.00 | රු 1000.00 |
| හඳුන්කූරු නිෂ්පාදනය | රු 500.00 | රු 750.00 | රු 1000.00 |
| යාන්ත්‍රික නොවන වඩු කර්මාන්තය | රු 500.00 | රු 750.00 | රු 1000.00 |
| ඉටිපන්දම් නිපදවීම | රු 500.00 | රු 750.00 | රු 1000.00 |
| පිත්තල භාණ්ඩ නිෂ්පාදනය කිරීම | රු 500.00 | රු 750.00 | රු 1000.00 |
| විසිතුරු භාණ්ඩ නිෂ්පාදනය කිරීම | රු 500.00 | රු 750.00 | රු 1000.00 |
| වාස්තු කර්මාන්තය | රු 500.00 | රු 750.00 | රු 1000.00 |
| රබර් වේලන දුම්ගෙයක් පවත්වාගෙන යාම | රු 500.00 | රු 750.00 | රු 1000.00 |
| සත්ව ආහාර නිෂ්පාදනය කිරීම | රු 500.00 | රු 750.00 | රු 1000.00 |
| ලියුම් කවර හා වෙනත් කවර නිෂ්පාදනය කිරීම | රු 500.00 | රු 750.00 | රු 1000.00 |
| කොහු කෙඳි ආශ්‍රිත නිෂ්පාදනය | රු 500.00 | රු 750.00 | රු 1000.00 |
| යන්ත්‍රානුසාරයෙන් බීරළු නිෂ්පාදනය | රු 500.00 | රු 750.00 | රු 1000.00 |
| නළ ලිං සැකසීම | රු 500.00 | රු 750.00 | රු 1000.00 |
| බෑග් මැසීම | රු 500.00 | රු 750.00 | රු 1000.00 |
| මදුරු දැල් නිෂ්පාදනය | රු 500.00 | රු 750.00 | රු 1000.00 |
| කඩදාසි නිෂ්පාදනය | රු 500.00 | රු 750.00 | රු 1000.00 |
| කලර් සිමෙන්ති සැකසීම | රු 500.00 | රු 750.00 | රු 1000.00 |
| පහන් තීර නිෂ්පාදනය | රු 500.00 | රු 750.00 | රු 1000.00 |
| ඇලුමිනියම් / ප්ලාස්ටික් භාණ්ඩ නිෂ්පාදනය | රු 500.00 | රු 750.00 | රු 1000.00 |
| පෙනේර, බාල්දි , කිරිගොටු නිෂ්පාදනය | රු 500.00 | රු 750.00 | රු 1000.00 |
වෙනත් ව්‍යාපාර හෝ කර්මාන්ත බද්ද පැනවීම - 2025
| කර්මාන්තය | රු.750.00 නොඉක්මවන අවස්ථාවක | රු.751.00 ඉක්මවන එහෙත් රු.1500.00 නොඉක්මවන අවස්ථාවක | රු.1501.00 ඉක්මවන අවස්ථාවක |
| තේ කඩ /කෝපි කඩ,ආපන ශාලා ,බත් කඩ පවත්වාගෙන යාම | රු 500.00 | රු 750.00 | රු 1000.00 |
| හෝටලයක් පවත්වාගෙන යාම | රු 500.00 | රු 750.00 | රු 1000.00 |
| බේකරියක් පවත්වාගෙන යාම/ කේක් හා රසකැවිලි නිෂ්පාදනය හා අලෙවිය | රු 500.00 | රු 750.00 | රු 1000.00 |
| ආහාර වර්ග විකිණීම/බයිට් වර්ග /ෆෘට් සැලඩ්/ක්ෂණික ආහාර ද්‍රව්‍ය නිෂ්පාදනය හා අලෙවිය | රු 500.00 | රු 750.00 | රු 1000.00 |
| සිසිල් බීම නිෂ්පාදනය හා අලෙවිය | රු 500.00 | රු 750.00 | රු 1000.00 |
| අයිස් ක්‍රීම් නිෂ්පාදනය හා අලෙවිය | රු 500.00 | රු 750.00 | රු 1000.00 |
| මාළු වෙළඳම හා ශීතකල මාළු අලෙවිය | රු 500.00 | රු 750.00 | රු 1000.00 |
| මස් වෙළඳම හා ශීතකල මස් අලෙවිය | රු 500.00 | රු 750.00 | රු 1000.00 |
| ලැඟුම්හලක් හා රෙස්ටුරන්ට් ශාලාවක් පවත්වාගෙන යාම | රු 500.00 | රු 750.00 | රු 1000.00 |
| ගව පට්ටියක් හා කිරි අලෙවිය/ කිරිහලක් පවත්වාගෙන යාම/ කිරි ආශ්‍රිත නිෂ්පාදන අලෙවිය | රු 500.00 | රු 750.00 | රු 1000.00 |
| ලොන්ඩරියක් පවත්වාගෙන යාම | රු 500.00 | රු 750.00 | රු 1000.00 |
| ඝාතන මඩු පවත්වාගෙන යාම | රු 500.00 | රු 750.00 | රු 1000.00 |
| සංචාරක වෙළදාම | රු 500.00 | රු 750.00 | රු 1000.00 |
කඩ කුලී
ප්‍රාදේශීය සභාව සතු දේපළක් පරම අයිතියෙන් බැහැර නොකර බදු අයිතිය පමණක් සුදුසු පුද්ගලයෙක් ටෙන්ඩර් පටිපාටිය අනුගමනය කරමින් තෝරාගෙන සාධාරණ තක්සේරුවක් මත ගාස්තුවකට යටත් කරමින් ලබා දීම කුලී පදනමින් ලබා දීම වේ.
දේපළෙහි වර්ග ප්‍රමාණය සහ පොදු පහසුකම් මත කුලිය තක්සේරු කරනු ලැබේ. එය රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවෙන් හෝ ආදායම් පරීක්ෂක විසින් කරනු ලැබේ. අයකරනු ලබන කුලිය පිළිබඳව සභාව හා බදුකරු යන දෙපාර්ශවයම එකඟවෙමින් ගිවිසුමකට එළඹිය යුතුය. ඉන් අනතුරුව සිදුවන සියලු සිදුවීම් ගිවිසුම් ප්‍රකාරව සිදුවිය යුතුවේ. ගිවිසුම් කොන්දේසි උල්ලංඝනය වීම යන කාරණය මත දේපළ සභාවට පවරා ගැනීම සිදුවේ.
විනෝද බදු
විනෝද බදු යනු ,
ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල පවත්වනු ලබන සංදර්ශන හා විනෝද ප්‍රසංග වලට ගෙවනු ලබන ඇතුළුවීමේ ගාස්තුවෙන් එකී යෝජනාවේ නිශ්චිත වශයෙන් දැක්වෙන ප්‍රමාණයකට හෝ අනුකුලව 25% බද්දක් අය කිරීම සිදු කෙරෙයි.